
මහවැලි මහා සෑය අයත්වෙන දිස්ත්‍රික්කය මහනුවර උනාට ඊට පොඩි දුරක් පල්ලෙහායින් තියන කොත්මලේ වේල්ල අයිති වෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයට (Google Map අනුව). නුවර ඉදලනම් 39Km දුරකින්. දිවා කාලයට වඩා මෙහි නිස්කලංකභාවයත් එක්ක එන සුන්දරත්වය බලන්නනම් රාත්‍රියේ එන්නම වෙනවා. රාත්‍රියට කොත්මලේ වේල්ල ලගට ඉහලින් ඈතින් මේ චෛත්‍ය රාජයාණන් වැඩසිටින ආකාරය නෙත පිනවන දසුනක්. සාමාන්‍යයෙන් රෑ 8.00 ට පස්සේ සෙනග අඩුයි. නමුත් පැය විසිහතරම බැතිමතුන් සදහා විවෘතයි. රාත්‍රියේ විදුලි ආලෝකය හා නිස්කලංක බව නිසා දවාලට වඩා මම ප්‍රිය කරන්නේ මහවැලි මහා සෑයට පැමිනිමටයි. (දිවා රාත්‍රී දෙකේම ඇවිත් බැලුවොත් ඒ වෙනස හොදින් වැටහේවි). ඇතුලත වගේම පිටතත් පුළුල් පරාසයක පැතිරිලා තියන නිසා නිවැරදි දර්ශනයම චායාරුපය හසුකරගන්නනම් හරියට කරගන්න බැරි උනා.
- දිස්ත්‍රික්කය:- මහනුවර
- GPS Reading:- 7.069585, 80.604730
- Google Map:- මෙතැන click කරන්න
- උස:- අඩි 289
- වට:- අඩි 628
- වැඩ ආරම්භය:- 1983 මාර්තු 20
- වැඩ නිම කිරීම:- 2016 ජූනි 20
ලංකාවේ තියන විශේෂම චෛත්‍යයක් තමා මහවැලි මහා සෑය කියන්නේ. උස අනුව දෙවෙනි වෙන්නේ රුවන්වැලි සෑයට පමණයි. මේක ලංකාවේ තියන එකම (මම දන්නා පරිදි) ටැම්පිට චෛත්‍යයක්. ටැම්පිට කියන්නේ කුළුණු උඩ ඉදිකරන ලද කියන එකට. මෙය ඉදිකරලා තියෙන්නේ කුළුණු 32ක් උඩ. අනිත් විශේෂත්වය තමා අපිට චෛත්‍යයේ ගර්භය තුලට යන්න පුළුවන්කමක් තියනවා. ඇතුලට ගියාම විශාල ඉඩකඩක් වගේම ඒ ඇතුලේ ඉදිකළ කුඩා චෛත්‍යයක්ද දැකගන්න පුළුවන්.මේ සෑයේ පිටත සම්පුර්ණයෙන්ම නිමවලා තියෙන්නේ කුඩා ටයිල් කැට අල්ලලා.
හැබැයි ඇතුලට ගිහින් ඇවිදිද්දී අපි අඩි තියන් සද්දේ පවා තුන් හතර සැරයක් දෝංකාර දෙනවා ඇහෙනවා. මොකද අපි ඉන්නේ අර්ධ ගෝලයක් වැනි හැඩයක් තුල නිසා. එක කෙළවරක ඉදන් රහසෙන් දෙයක් කිව්වත් ඇතුලේ ඉන්න ඕන කෙනෙක්ට එක පැහැදිලිව ඇහෙනවා. හැබැයි මේක රෑට අවොත් තමා දැනෙන්නේ. දවලට සෙනග නිසා තනි සද්දයක් වෙනම ඇහෙන්නේ නෑ. ඔක්කොම එකතු වෙලා මද ගෝශාවක් තමා ඇහෙන්නේ.
360 චායාරුපයක්
කොත්මලේ වේල්ල ඉදිකරද්දී එකට ගම්මාන කීපයක් වගේම වෙහෙර විහාරස්ථානත් කීපයක්ම යට උනා. මේ යටවුන වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් තමා මහවැලි මහා සෑය ඉදි කරන්නේ. මේ තියෙන්නේ මහවැලි ජලාශයට යට උන විහාරස්ථාන ටික. දැනටත් වතුර හොදටම අඩු උන කාලෙට කඩදොර පන්සලේ විහාරගෙය මතු වෙනවා. (ඒ ගැනත් ඉදිරියට ලිපියක් දාන්න බලාපොරොත්තු වෙනවා)
- කඩදොර ප්‍රිය බිම්බාරාමය
- මොරපේ බෝධිරුක්ඛාරාමය
- මොරපේ බෝධිමාලකාරාමය
- වටද්දර ශ්‍රී විසුද්ධාරාමය
- වටද්දර ඤාණෝදය පිරිවෙන
- තිස්පනේ ශ්‍රී සුදර්ශනාරාමය
Casino Promo Code: No deposit $20 on slots - JTGHub
ReplyDeleteUse our casino promo code PLAY2020 문경 출장샵 and get 울산광역 출장샵 up 안산 출장안마 to a $20 No 과천 출장샵 Deposit bonus! 논산 출장샵 and deposit $10 using promo code PLAY2020.