Pages

01 October 2016

හෝර්ටන් තැන්න (මහඑලිය තැන්න) - Horton Plains

මහඑලිය තැන්න එහෙම නැත්තන් හෝර්ටන් තැන්න (horton plains) කියන්නේ මම දැකපු ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක්. ලංකාවේ වෙන තැනකදී දකින්න නැති වෙනමම ලෝකයක් තමා එතන තියෙන්නේ. (මිට ආසන්න පරිසරයක් මාතලේ පිටවල පතන හරියේ තියනවා.එත් මේ තරම්ම සුන්දර නෑ ) හෝර්ටන් තැන්නේ තියන ප්‍රධානම ස්ථාන ටික බලන්නන පැය 5ක් විතර පයින් ඇවිදින්න තියනවා. හැබැයි මෙච්චර දුරක් ඇවිද්දේ මේ ටික බලන්නද කියලා කියන අයත් ඉන්නවා. ඒ එක එක්කෙනාගේ රසාස්වාදය තමා.