Pages

29 May 2017

කොත්මලේ මහවැලි මහා සෑය


මහවැලි මහා සෑය අයත්වෙන දිස්ත්‍රික්කය මහනුවර උනාට ඊට පොඩි දුරක් පල්ලෙහායින් තියන කොත්මලේ වේල්ල අයිති වෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයට (Google Map අනුව). නුවර ඉදලනම් 39Km දුරකින්. දිවා කාලයට වඩා මෙහි නිස්කලංකභාවයත් එක්ක එන සුන්දරත්වය බලන්නනම් රාත්‍රියේ එන්නම වෙනවා. රාත්‍රියට කොත්මලේ වේල්ල ලගට ඉහලින් ඈතින් මේ චෛත්‍ය රාජයාණන් වැඩසිටින ආකාරය නෙත පිනවන දසුනක්. සාමාන්‍යයෙන් රෑ 8.00 ට පස්සේ සෙනග අඩුයි. නමුත් පැය විසිහතරම බැතිමතුන් සදහා විවෘතයි. රාත්‍රියේ විදුලි ආලෝකය හා නිස්කලංක බව නිසා දවාලට වඩා මම ප්‍රිය කරන්නේ මහවැලි මහා සෑයට පැමිනිමටයි. (දිවා රාත්‍රී දෙකේම ඇවිත් බැලුවොත් ඒ වෙනස හොදින් වැටහේවි). ඇතුලත වගේම පිටතත් පුළුල් පරාසයක පැතිරිලා තියන නිසා නිවැරදි දර්ශනයම චායාරුපය හසුකරගන්නනම් හරියට කරගන්න බැරි උනා.