Pages

24 July 2016

වෙස්සගිරිය

වෙස්සගිරියත් වැඩි දෙනෙක් අතර ප්‍රසිද්ධ තැනක් නෙවේ. අනුරාධපුරේ ඇවිත් ලගම තියන ඉසුරුමුණියට ගියාට ඊට අල්ලපු වැටේ තියන වෙස්සගිරියට වැඩි දෙනෙක් එන්නෙත් නෑ. එකෙත් පොඩි හොදක් තියනවා. මෙතන තියෙන්නේ අමුතුම පිහිටීමක්. එකේ ලස්සන විදින්නනම් නිස්කලංක බව එතනට අවශ්‍යයි. සෙනග වැඩිපුර අවොත්නම් ඇතිවන ගෝශාව එතන ඒ සුන්දරත්වයට හානියක්.

10 July 2016

පිදුරංගල

පිදුරංගල තියෙන්නේ සීගිරියට කිට්ටුවම. සීගිරියේ ඉදලා 2Km විතර දුරක්. පිදුරන්ගලට නැග්ගම තමා ඔයාලට සිගිරිය ලස්සනටම දැක ගන්න පුළුවන් වෙන්නේ. පිදුරන්ගල උඩ කිට්ටුවටම යනකං යන්න පාර තියනවා. අන්තිම ටික ගල් ටිකක් අස්සෙන් නගින්න වෙන්නේ. එකත් හරි විනෝදජනක වැඩක්. උඩට අව්ව තදින් වැටුනට එක දැනෙන්නේ නෑ.ඒ තරම් තදට හුලග වදිනවා.